
Website Southern Province Public Service Commission
1987 අංක 42 දරණ දකුණු පළාත් සභා පනතේ 32(1) වගන්තියෙන් දකුණු පළාත් ගරු ආන්ඩුකාරවර වෙත දකුණු පළාත් රාජ්‍ය සේවයේ පත්වීම්, උසස්වීම්, ස්ථානමාරු, විනය පාලනය හා සේවයෙන් පහකිරීම ආදී විධායක බලතල පැවරී ඇත. දකුණු පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව 1988 දී ආරම්භ කරන ලද අතර පළාත් සභා පනතේ 33(1) වගන්තිය අනුව ගරු ආණ්ඩුකාර විසින් උක්ත බලය මෙම කොමිෂන් සභාව වෙත පවරා ඇත. 1990 අංක 28 දරණ සංශෝධන පනතින් මුල් පළාත් සභා පනතේ 32 වගන්තියට කරන ලද සංශෝධනයට අනුව දකුණු පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව මගින් මාණ්ඩලික නොවන තනතුරුවල පත්කිරීම්, උසස් කිරීම්, ස්ථාන මාරු, විනය පාලනය හා සේවයෙන් පහකිරීමේ බලතල දකුණු පළාත් ප්‍රධාන ලේකම් හා දකුණු පළාත් අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත පවරා දී ඇත. නමුත් මෙම කොමිෂන් සභාව විසින් මෙලෙස බලය පවරනු ලැබූ යම් නිලධාරියෙකුගෙන් තමා පීඩාවට පත්වූයේ යැයි හැඟෙන්නේ නම් ඒ සම්බන්ධයෙන් අභියාචනා කිරීමේ බලතල දකුණු පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත රඳවා ගෙන ඇත. දැනට දකුණු පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව දකුණු පළාත් ගරු ආණ්ඩුකාරවර විසින් පත් කරන ලද සභාපති ඇතුළු සාමාජිකයන් 5 දෙනෙකුගෙන් සමන්විත වේ. ඔවුනගේ එක් ධූර කාලයක් උපරිමය වසර 05 ක් වන අතර නැවත වාරයක් එම තනතුරට පත්වීමේ හැකියාව පවතී.
Special medical posts – Southern Province Public Service Commission
Top Government Job Vacancies with highest Salary in Sri Lanka 2023 by Lankanjobs.lk
To apply for this job email your details to thidaskaveesha@gmail.com